කාර්මික විප්ලවය - පාඩම් 1 | Industrial Revolution

 

කාර්මික  විප්ලවය

මිනිසා සිය දෑතේ සවියෙන් භාණ්ඩ නිෂ්පාදනය කිරීම වෙනුවට යන්ත්‍ර සූත්‍ර යොදාගෙන භාණ්ඩ නිෂ්පාදනය කරමින් කාර්මික හා තාක්ෂණික ක්ෂේත්‍රයේ ඇති කළ පුළුල් වෙනිදා කාර්මික විප්ලවය යනුවෙන් හැඳින්වෙයි.

18 වන සිය සියවස අග භාගයේ දී බ්‍රිතාන්‍ය කාර්මික විප්ලවය ආරම්භ විය.

19 වන සියවස වන විට යුරෝපයේ සෙසු රටවල්ට හා ලෝකය වෙනත් රටවලටද කාර්මික විප්ලවයේ බලපෑම  පැතිරුණි.  

කාර්මික විප්ලවය බ්‍රිතාන්‍යයේ ඇති වීමට හේතු

  •  ජනගහන වර්ධනය අධික වීම නිසා භාණ්ඩ නිෂ්පාදනය ඉහළ දැමීමට සිදුවීම
  •  පුනරුදය නිසා විද්‍යාත්මක දැනුමේ ඇති වූ පුළුල් වීම
  •  බ්‍රිතාන්‍ය ඛනිජ සම්පත් අතින් පොහොසත් රටක් වීම
  •  බ්‍රිතාන්‍ය නිෂ්පාදන වලට පැවති අධික ඉල්ලුම 
  •  ඉඩම් කොටු කිරීමේ ව්‍යාපාරයත් සමග ඇතිවූ අතිරික්ත ශ්‍රමය
  • නිදහස් සමාජ පසුබිම්
  •  දේශපාලන ස්තාවරත්වය
  •  කුඩා දිවයිනක්  වීම නිසා අභ්‍යන්තර වශයෙන් රට පුරා විසිරුණු පොදු වෙළඳ වෙළඳ පොලක් ගොඩනගා ගැනීමට හැකි වීම

Comments